ෂාන් විජයලාල් සිල්වා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.​මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ 2019 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 16.5ක මුදලක් වැය කරමින් පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාවකි. එහිදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින්, නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ව්‍යාපාරික ආයතනයක් තෝරාගෙන එම සමාගමට අනිසි වාසියක් සැලසූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.​මීට අමතරව, එලෙස මිලදී ගත් පුටු 16,361ක් දකුණු පළාතේ දිස්ත්‍රික් තුනම නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ නිවාස සහ පෞද්ගලික කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීමට කටයුතු කර තිබේ. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා රජයේ මුදල් අවභාවිත කරමින් රජයට විශාල පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,182

Leave A Reply

Your email address will not be published. Required fields are marked *