සත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිතයට පනවා තිබූ තහනම ඉවත් කෙරේ

සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා වී සහ සහල් භාවිත කිරීමට මීට පෙර පනවා තිබූ සීමා කිරීම් ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. එම භාවිතය සීමා කරමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය මේ වන විට බල රහිත කර ඇති අතර, ඒ වෙනුවට නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.​මෙම නව රෙගුලාසි අනුව, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී හෝ සහල් සැකසීම, මිලදී ගැනීම, විකිණීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පැවති නෛතික සීමාවන් ඉවත් කර තිබේ. ඒ අනුව, සත්ව ආහාර කර්මාන්තය සඳහා වී සහ සහල් යළිත් නිදහසේ භාවිත කිරීමට අදාළ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ.​මීට පෙර මෙම තහනම ජුනි 24 වැනි දින දක්වා බලාත්මක කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, වත්මන් තීරණයත් සමඟ එම සීමාවන් සියල්ල නිල වශයෙන් අවලංගු වී ඇති අතර, යාවත්කාලීන කළ රෙගුලාසි යටතේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී සහ සහල් යොදා ගැනීම සඳහා අවසර ලබා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *