සතොස මුදල් අවභාවිත නඩුවේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු මෙන්ම සතොස ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ තැනැත්තා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විමර්ශන කටයුතු සලකා බලමින් මෙම නියෝගය ලබාදී ඇත.​2011 වසරේදී පැවැත්වූ ‘සතොස සතිය’ වැඩසටහන වෙනුවෙන් සමූපකාර සංවර්ධන අරමුදලින් වෙන්කළ රුපියල් ලක්ෂ 18ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම මොහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *