හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අල්ලස් නඩුවක ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.දැනට සිරදඬුවම් විඳිමින් සිටින ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.



























