සාක්ෂි රහිත අත්අඩංගුවට ගැනීම් හමුවේ අගමැතිනියත් අනාරක්ෂිතයි – උදය ගම්මන්පිල

කිසිදු තහවුරු කළ සාක්ෂියක් නොමැතිව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවා වර්තමානයේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, විපක්ෂයේ දේශපාලනඥයන්ට එරෙහිව වර්තමානයේ ක්‍රියාත්මක වන මෙම අත්තනෝමතික ක්‍රමවේදයම ආණ්ඩුව තුළින්ම අගමැතිනියටද යම් තර්ජනයක් මතුවුවහොත් ඇයටද එරෙහිව පහසුවෙන් යොදාගත හැකි බවයි.​සාක්ෂි විමර්ශනයකින් තොරව හුදෙක් ප්‍රකාශ මත පමණක් පදනම්ව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ මෙම අභිනව ප්‍රවණතාව නිසා මෙරට නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටී ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *