මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
ඊට අදාල චක්‍ර ලේඛය මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර මෙම චක්‍රලේඛය මේ වන විටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම පාසල් සිසුන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

























