අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ 2026 සැප්තැම්බර් මාසයට අදාළ දීමනා අද (16) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. පළමු අදියර යටතේ පවුල් 992,053ක් සඳහා රුපියල් බිලියන 9.1 ඉක්මන් මුදලකුත්, දෙවන අදියර යටතේ පවුල් 213,335ක් සඳහා රුපියල් බිලියන 2.1කට අධික මුදලකුත් මෙසේ බැර කෙරේ.අදාළ ප්‍රතිලාභීන්ට මෙම මුදල් හෙට (17) සිට අස්වැසුම බැංකු ගිණුම් හරහා සම්පූර්ණයෙන්ම ලබාගැනීමේ පහසුකම් සලසා ඇත. රජයේ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙම මාසික දීමනා අඛණ්ඩව බෙදා හැරීම මෙලෙස සිදු කෙරේ.



























