සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයෙකු වන පියුම් හස්තික නොහොත් පියුමා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත කරන ලද දැනුම්දීමකට අනුව, සැකකරු ලබන 14 වැනි දින දක්වා රඳවා තැබීමට නියෝග කෙරුණි.ඇප මත මුදා හැර සිටින සලිදු මල්ෂිත නොහොත් කුඩු සලිදුගේ සමීප සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති අතර, ඔහු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



























