සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට නවීන උපකරණ පද්ධතියක්

වසර විසිපහකට වැඩි කාලයක් පුරා අබලන්ව පැවති සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයේ පැරණි උපකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර, නවීන තාක්ෂණික උපාංග අංගසම්පූර්ණ ලෙස ස්ථාපනය කර තිබේ.​මෙම නව පහසුකම් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.​මෙම නවීකරණය යටතේ කාලක යන්ත්‍රයක් (Time Clock), ස්පර්ශක පෑඩ් (Touch Pad) පද්ධතියක්, ඩිජිටල් ප්‍රදර්ශන පුවරුවක් සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආරම්භක කුට්ටි (Starting Blocks) මෙහි එක් කර ඇත. මෙරට ජල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට නංවාලීමටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් පුහුණු සහ නිවැරදි කාල ගණනය කිරීමේ පහසුකම් ලබා දීමටත් මෙම නව යටිතල පහසුකම් මහත් උපකාරයක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,253

Leave A Reply

Your email address will not be published. Required fields are marked *