වී මිල අර්බුදයට විසඳුමක් ලෙස ගොවි සංවිධානවලට යන්ත්‍ර හා ගබඩා පහසුකම් ලබාදීමට පියවර – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

​වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගනු ලබන්නේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 3ත් 4ත් අතර ප්‍රමාණයක් පමණක් බැවින්, වී සඳහා නිසි තුලනාත්මක මිලක් ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණද, මෙම තත්ත්වය මත ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.​අස්වනු නෙළීමේ නවීන යාන්ත්‍රික ක්‍රමවේද හේතුවෙන් වී වියළා ගැනීමට කමතක් හෝ ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීම ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෝල් හිමියන් සහතික මිලට වියළි වී මිලදී ගැනීමට එකඟ වුවද, තෙත වී අලෙවි කිරීමට සිදුවීම නිසා ගොවීන්ට කිලෝවක් රුපියල් 90ක් හෝ 95ක් වැනි අඩු මුදලකට අලෙවි කරමින් දැඩි ආර්ථික සූරාකෑමකට ලක්වීමට සිදුවී ඇත.​මෙම අර්බුදයට ස්ථිර විසඳුමක් ලෙස ගොවි සංවිධාන වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමටත්, වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය විශාල ගබඩා පහසුකම් සපයා දීමටත් රජය ඉදිරියේදී කටයුතු යොදන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ හරහා ගොවීන්ට තමන්ගේ අස්වැන්න නිසි පරිදි වියළා ගබඩා කරගෙන, සුදුසු වෙළඳපොළ වටිනාකමක් ඇති කාලයක එය අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *