සුගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබිණි.​හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළ සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය බන්ධනාගාරගත කරන ලද එම දිනයේදී ලබා දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,248

Leave A Reply

Your email address will not be published. Required fields are marked *