සුගීෂ්වර බණ්ඩාර සැප්තැම්බර් 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකාරියට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ වැටුප් ශීර්ෂය යටතේ වැටුප් ලබාගනිමින්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරමින් එකවර වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත. මීට අමතරව, ඔහු එම තනතුරු දැරූ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීම සහ දේශපාලනික කටයුතු සඳහා සේවකයින් යොදවා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.​මීට පෙර විමර්ශන නිලධාරීන් අධිකාරියට දැනුම් දී තිබුණේ, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 1.93ක මුදලක් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ සමයේ රුපියල් මිලියන 4.26ක මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇති බවයි.​මෙම සැකකරුට එල්ල වී ඇති චෝදනා මහජන දේපළ පනතේ 5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධාන යටතට පත්වන බව විමර්ශන නිලධාරීන් විසින් අධිකාරියට කරුණු දක්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *