සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. සිය අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහු මෙම පෙත්සම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වේ.​පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නියමිත දිනය අභියාචනාධිකරණය විසින් මෙම මස 17 වනදා දක්වා කල් තබා ඇත. එම දිනයේදී පෙත්සමට අදාළ කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,236

Leave A Reply

Your email address will not be published. Required fields are marked *