සුරේෂ් සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට

අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පාර්ශ්ව කිහිපයක් කැඳවා තිබුණි. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක්, සලේ මහතාගේ බිරිඳ සහ ඔහුගේ නීති නියෝජිතයන් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ.​පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා සිටින සලේ මහතා, මේ වන විට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීමට අදාළ කරුණු විමසීම සහ ඉදිරි පියවර ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම පියවර ගෙන තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,192

Leave A Reply

Your email address will not be published. Required fields are marked *