පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.එහිදී අමාත්‍යවරයා සදහන් කළේ, සැකකාර සුරේෂ් සලේ මහතා දැනට දියත් කර ඇති උපවාස ව්‍යාපාරය හුදෙක් දේශපාලන අරමුණක් සහිත ව්‍යාජ රංගනයක් පමණක් බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින්, පටු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම උපවාසය ක්‍රියාත්මක වන බවද ඔහු මෙහිදී කියා සිටියේය.2019 වසරේ සිදු වූ එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනවල ප්‍රගතිය මෙන්ම, වගකිවයුතු පාර්ශ්වයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳව රජය දරන පැහැදිලි ස්ථාවරයද අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තවදුරටත් අනාවරණය කරනු ලැබීය.

























