රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට රැඳවුම් භාරයේදී අමානුෂික ලෙස සැලකීමට එරෙහිව සංවිධානය කර තිබූ සත්‍යග්‍රහ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් පසුගිය ජූනි 08 වනදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබීය.කෙසේ වෙතත්, රටේ පවතින වත්මන් වාතාවරණය මෙන්ම මේ වනවිට ක්‍රියාත්මක වන අධිකරණමය පියවරයන් සැලකිල්ලට ගනිමින්, විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව නතර කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

























