හැටන් දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අධිකරණයට

හැටන් දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිදු වූ අඹුසැමි යුවළකගේ ඝාතනය සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. හැටන් සහ බගවන්තලාව පොලිස් ස්ථාන එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව, සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙලෙස වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත.​අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුගේ ඡායාරූප ප්‍රචාරය වීම හේතුවෙන් කොල්ලකන ලද රන් භාණ්ඩ අලෙවි කිරීමට හෝ උකස් කිරීමට ඔහුට නොහැකි වී ඇත. එම භාණ්ඩ සියල්ල පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇති අතර, සැකකරු සහ ඔහුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා පොලිසිය විසින් සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.​මේ අතර, ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ දික්ඔය, දරාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතිශය සංවේදී අයුරින් මෙම අවසන් කටයුතු සිදු වූ අතර, හැටන් මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *