හෙල්ල විසිකිරීමේ ජය රැගෙන රුමේෂ් තරංග දිවයිනට

හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේ පැවැති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා විය.​ලොව ප්‍රකට ක්‍රීඩකයන් රැසක් සමඟ තරග වැදුණු ඔහු, එහිදී මීටර් 91.09ක විශිෂ්ට දක්ෂතාවක් පෙන්වමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්, ජර්මනියේ ජුලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝකපූජිත ක්‍රීඩකයන් පරාජය කරමින් ඔහු මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේය.​දෙවන ස්ථානය දිනූ ක්‍රීඩකයාට වඩා මීටර් 4.91ක දැවැන්ත පරතරයක් රඳවා ගනිමින් ඔහු මෙම දස්කම දැක්වීම විශේෂත්වයකි. මෙම ජයග්‍රහණය හරහා රුමේෂ් තරංග ජාත්‍යන්තර ක්‍රීඩා වපසරිය තුළ ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන යමින් රටට දැවැන්ත අභිමානයක් අත්කර දුන්නේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *