වැසි සමග ඩෙංගු අවදානම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා යළිත් ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් මතුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව, ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් මුල් කරගනිමින් විශේෂ මර්දන සතියක් ඊයේ (14) සිට ක්‍රියාත්මක කර තිබේ.​මෙම විශේෂ වැඩසටහන ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,634කි. එමෙන්ම, මෙම වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *