ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ පළාත් පාලන ක්ෂේත්‍රයන්හි නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘අග්‍රහාර’ රක්ෂණ ක්‍රමයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ කාලසීමාව එළඹෙන ජූලි මස 31 වැනිදායින් අවසන් වේ. එබැවින් අදාළ සියලුම සාමාජිකයින් එම දිනට ප්‍රථම සිය ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කළ යුතු බව දැනුම් දෙයි.මෙම ක්‍රියාවලියට යටතේ සාමාජිකයින් විසින් පද්ධතියට ඇතුළත් කරන තොරතුරුවල සත්‍යතාව තහවුරු කිරීම අදාළ ආයතනවල අග්‍රහාර විෂයභාර නිලධාරීන්ගේ වගකීමකි. ඉන් අනතුරුව එම දත්ත ආයතන ප්‍රධානීන් ලවා අනුමත කරවා ගැනීම ද අනිවාර්ය කර ඇත.නියමිත දිනයට පෙර මෙම දත්ත තහවුරු කිරීම් සහ අනුමැතීන් ලබා දී නොමැති නම්, අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමේදී ගැටලු මතු විය හැකි බැවින් අප්‍රමාදව එම කටයුතු අවසන් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.























