දිවයින පුරා ඩෙංගු අවදානම ඉහළට: රෝගීන් 82,000 පනී

වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 82,011 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් පුද්ගල මරණ 61ක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට දිවයින පුරා අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු ව්‍යාප්තිය වේගවත් වෙමින් පවතින බවයි.​පළාත් මට්ටමින් ගත් කළ වැඩිම ඩෙංගු බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එ අංශයෙන් රෝගීන් 43,388 දෙනෙකු වාර්තා වේ. දෙවනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇති දකුණු පළාතෙන් රෝගීන් 12,419 දෙනෙකු හඳුනාගෙන ඇත.​දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි රෝගීන් 17,395ක් සටහන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කය රෝගීන් 16,294ක් සමඟින් දෙවන ස්ථානයට පත්ව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *