අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත්බිම් කිහිපයකට ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියට ඇදහැලුණු අධික වර්ෂාපතනය සහ බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​මේ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් මතුව තිබේ.​එබැවින් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් සහ මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටින අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *