අත්තනෝමතික ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසනීප නිවාඩු දමයි

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට එල්ල වූ අත්තනෝමතික ස්ථාන මාරුවට එරෙහිව, දිවයින පුරා සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (අගෝස්තු 21) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයක නිරත වී සිටී. මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පසුගිය 19 වැනි දින රාත්‍රියේ රැස් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුවය.​මෙම වර්ජනය හේතුවෙන් ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය සේවාවන්ට සහ මහජන සෞඛ්‍ය කටයුතුවලට යම් මට්ටමක බලපෑමක් එල්ල වී තිබේ. අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමට සංගමය බලාපොරොත්තු වේ.

What's your reaction?

Related Posts

1 of 1,294

Leave A Reply

Your email address will not be published. Required fields are marked *