අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි

විපක්ෂය විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (24) වැඩි ඡන්ද 116කින් පරාජයට පත්විය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය වගකීම පැහැර හැර ඇතැයි චෝදනා කරමින් විපක්ෂය විසින් මෙම යෝජනාව ජූලි 21 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී. අද දින පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට විරුද්ධව මන්ත්‍රීවරුන් 152 දෙනෙකු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු පමණි. ඒ අනුව, මන්ත්‍රීවරුන් 152කගේ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් අධිකරණ අමාත්‍යවරයා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,252

Leave A Reply

Your email address will not be published. Required fields are marked *