අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය අද පාර්ලිමේන්තුවේදී

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීම මෙම විවාදය සඳහා අද දවස වෙන් කිරීමට ඒකමතිකව තීරණය විය.​ඒ අනුව, අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අමාත්‍යවරයා තම රාජකාරී වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කතානායකවරයා වෙත නිල වශයෙන් භාර දී තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *