ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ නඩු කටයුතු කඩිනම් කිරීම සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් සකස් කළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙමඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරු වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නංවන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ.මීට අමතරව, අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් මහාධිකරණ විනිසුරු විශ්‍රාම වැටුප් වයස් සීමාව අවුරුදු 63 දක්වාත්, දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් වයස් සීමාව අවුරුදු 62 දක්වාත් දීර්ඝ කර ඇත. එසේම, මහාධිකරණ විනිසුරුවරුන්ගේ මුළු සංඛ්‍යාව 120ක් දක්වා පුළුල් කිරීම ද මෙහි අඩංගු වන ප්‍රධාන කරුණකි.පළමු වර කියවීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ මෙම කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පුරවැසියන්ට ඉදිරි දින 14ක කාලයක් හිමිවේ. අනතුරුව, අධිකරණ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් ද, අධිකරණ සංවිධාන පනත සාමාන්‍ය බහුතරයකින් ද සම්මත කර ගැනීමට නියමිතය.



























