පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (27) දිනයේ දිවයින පුරා පිහිටි සියලුම රජයේ පාසල් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර ඇත.මෙය සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පූර්වාරක්ෂක පියවරක් බව අමාත්යාංශය සඳහන් කරයි.කෙසේ වෙතත්, අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දෙයි.



























