අර්චුනාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසයෙන් විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මෑතකදී අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් සිදු කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, මන්ත්‍රීවරයා එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් කටයුතු කර ඇතැයි එහිදී චෝදනා කර ඇත.​පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අදාළ පැමිණිල්ල මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත. ඒ අනුව, මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සහ ඊට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි පරීක්ෂණ අදාළ කොට්ඨාසය විසින් සිදු කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *