2031 සිට සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව 7 දක්වා සීමා කිරීමට සැලසුම්

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු අනුකාරක සභා රැස්වීමකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඒ අනුව, ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්ව 2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සිට සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට මෙහිදී සැලසුම් කර ඇත.​මෙම යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ 10 සහ 11 ශ්‍රේණිවල සිට පාසල් මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත අතර, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය මෙන්ම ආචාර ධර්ම ඇතුළත් මොඩියුල ක්‍රියාත්මක කිරීමටද නියමිතය.​අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික පියවර ලෙස දැනටමත් 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ, ක්‍රියාකාරකම් පොත් සහ මොඩියුල සකස් කර අවසන්ය. මීට අමතරව, අදාළ ගුරු පුහුණු වැඩසටහන් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව එම අනුකාරක සභාව වැඩිදුරටත් අනාවරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,332

Leave A Reply

Your email address will not be published. Required fields are marked *