ශ්‍රී ලංකීය සුභාවිත ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුතයක් නියෝජනය කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇයගේ අභිමතාර්ථයට අනුකූලව අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී ඉතා සරල අයුරින් සිදු කිරීමට නියමිතය. දේශයේ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් ඇය කළ සේවය අනුස්මරණය කරමින්, ඇයගේ වියෝව නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති අතර, හෙට (23) දින දක්වා රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසද නියෝග කර ඇත.මේ වන විටත් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නායකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම දිවයිනේ නනප්‍රදේශවලින් පැමිණි ප්‍රවීණ කලාකරුවෝ සහ අතිවිශාල රසික පිරිසක් නොකඩවා සහභාගී වෙමින් සිටිති. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අසමසම හිඩැසක් ඉතිරි කරමින් සමුගත් මේ මහා කලාකරුවානන්ට දැයේ උත්තමාචාරය පුද කිරීමට ජනතාව මෙලෙස විශාල වශයෙන් එකතු වී සිටිති.



























