ආචාර්ය නන්දා මාලිනීගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේදී

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. අභාවය සිදු වන විට ඇය 82 වැනි වියෙහි පසු වූ අතර, ඇයගේ දේහය මේ වන විට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ ජනතා ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.​මෙම අප්‍රතිහත කලා සේවය ඇගයීම පිණිස රජය විසින් අද සිට දින තුනක කාලයක් ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අනතුරුව, කිතුගොස පැතිරුණු ඇගේ අවසන් කටයුතු හෙට (22) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,295

Leave A Reply

Your email address will not be published. Required fields are marked *