රජයේ ක්‍රියාකලාපයට හෝ ප්‍රතිපත්තිවලට එරෙහිව අදහස් දක්වන ඕනෑම අයෙකු දූෂිතයෙකු හෝ වංචාකරුවෙකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. වත්මන් රජය තමන්ට එරෙහි වන දේශපාලන විරුද්ධවාදීන් දෙස සතුරු මානසිකත්වයකින් බලන බවයි ඔහු පෙන්වා දෙන්නේ.එමෙන්ම, පාලක පක්ෂය තමන්ට හිතකර ලෙස තෝරාගත් පිරිස් පමණක් ඉලක්ක කර ගනිමින් පක්ෂපාතී අයුරින් නීතිය ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙලෙස පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් රටේ නීතිමය පද්ධතිය අවභාවිත කිරීම දැඩි විවේචනයට ලක්විය යුතු බවද ඔහු අවධාරණය කරයි.



























