පුත්තලම-අනුරාධපුර ප්රධාන මාර්ගයේ මී ඔය පාලම අසලදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (16) රාත්රී කාලයේදී පවතිූ අයහපත් කාලගුණය හේතුවෙන් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.තුවාල ලැබූවන් අතර කාන්තාවන් 07 දෙනෙක්, දැරියක්, පිරිමි පුද්ගලයින් 04 දෙනෙක් මෙන්ම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයාද වන අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























