ඉන්ධන මිල සහ අස්වැසුම සංශෝධන ගැන මුදල් කාරක සභාවේදී සාකච්ඡා

ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය, වෙළෙඳපොළ තරගකාරීත්වය, වාහන ටයර් සඳහා හඳුන්වා දුන් නව ප්‍රමිති සහ අස්වැසුම සුබසාධන වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.​මෙහිදී තෙල් සංස්ථාව සහ පෞද්ගලික සමාගම් අතර ඉන්ධන ආනයන පිරිවැයෙහි පවතින පරතරය, විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක අවශ්‍යතාව මෙන්ම ඉන්ධන සහනාධාරය පොදු ප්‍රවාහනය සහ සැබෑ අවශ්‍යතා සහිත ජනතාව වෙත ඉලක්කගතව ලබාදීමේ වැදගත්කම සාකච්ඡාවට ලක් විය. ඊට අමතරව ටයර් ආනයන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද කරුණු විමසා ඇත.​එමෙන්ම අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ සුදුස්සන් අත්හැරී යාම වැළැක්වීම සහ නසුදුස්සන් ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා නිර්ණායක 22 ඔස්සේ දත්ත නිවැරදිව තහවුරු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *