ඉන්ධන ලබාදීමේ QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මකයි – ලංකා ඛනිජ තෙල් සංස්ථාව

QR කේත ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ පියවර අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. පවතින බෙදාහැරීමේ ක්‍රමවේදය කිසිදු බාධාවකින් තොරව ඉදිරියටත් සිදු කෙරෙන බව පෙන්වා දෙන සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා, මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින කනස්සල්ල පදනම් විරහිත එකක් බවත්, අනාගත ඉන්ධන සැපයුම අඛණ්ඩව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් අවධාරණය කළේය.​මෙරට සමස්ත ඉන්ධන පරිභෝජනය වඩාත් විධිමත් සහ ඵලදායී අයුරින් කළමනාකරණය කිරීම මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමේ මූලික අරමුණ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව, මහජනතාවට අපහසුවකින් තොරව ඉන්ධන සපයා ගැනීම සඳහා දැනට පවතින තාක්ෂණික පද්ධතියේ කිසිදු වෙනසක් සිදුනොවන බව සංස්ථාව වැඩිදුරටත් තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,223

Leave A Reply

Your email address will not be published. Required fields are marked *