ඉරාන සටන් විරාමය දීර්ඝ නොකරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය සමඟ දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් අපේක්ෂා නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ABC පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, පවතින සටන් විරාමය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි. එසේම ඉදිරි දින දෙක ඇතුළත ලෝකය බලාපොරොත්තු නොවන සුවිශේෂී සිදුවීම් කිහිපයක් දැකගත හැකි වනු ඇති බවට ද ඔහු මෙහිදී ඉඟි කර තිබේ.​මෙම ගැටුම විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ එකඟතාවකට පැමිණීම තමන් වඩාත් කැමති විකල්පය බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. කෙසේ වෙතත්, යුද්ධය නිමා කරන්නේ සාකච්ඡා මාර්ගයෙන් ද නැතහොත් ඉරානයේ යුද ශක්තිය මුළුමනින්ම විනාශ කිරීමෙන් ද යන්න පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එම කරුණු දෙකම සිදුවීමේ හැකියාවක් පවතින බවයි. සටන් විරාමයට වඩා ස්ථිර විසඳුමක් කරා යාම ඔහුගේ අරමුණ වී ඇති බව මෙයින් පැහැදිලි වේ.​ඇමරිකානු ජනාධිපති ධුරයේ තමන් රැඳී නොසිටින්නට ලෝකය දැඩි අස්ථාවර භාවයකට පත්වනු ඇති බව ද ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. ගිවිසුමක් හරහා යුද්ධය නිමා කිරීමට තමන්ගේ කැමැත්තක් පැවතිය ද, ඇමරිකාවේ ආරක්ෂාව සහ ගෝලීය ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑම තීරණාත්මක පියවරක් ගැනීමට පසුබට නොවන බව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ හරහා ගම්‍ය වේ.

What's your reaction?

Related Posts

1 of 718

Leave A Reply

Your email address will not be published. Required fields are marked *