ඉලක්කය අභිබවා යමින් රේගුවෙන් බිලියන 225ක වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉකුත් ජූනි මාසය තුළ රුපියල් බිලියන 225.2ක ඓතිහාසික ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. එම මාසය සඳහා රේගුව වෙත ලබා දී තිබූ නිල ආදායම් ඉලක්කය රුපියල් බිලියන 184.8ක් වූ අතර, පාලන මෙහෙයුම්වල කාර්යක්ෂමතාව හේතුවෙන් එම අපේක්ෂිත ඉලක්කය ඉතා ඉහළින්ම අභිබවා යාමට රේගු බලධාරීන්ට හැකි වී තිබේ.​රේගු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම වාර්තාගත ආදායම් උපයා ගැනීම, වත්මන් මෙරට ආර්ථික ස්ථාවරත්වයට සහ ඉදිරි මූල්‍ය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමට දැවැන්ත දායකත්වයක් සපයනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 1,258

Leave A Reply

Your email address will not be published. Required fields are marked *