මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාලෝචිත ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා විශේෂඥ කමිටුවක් දැනටමත් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. අද පැවති විවාදයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බවයි.අදාළ කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශයන් පාදක කරගනිමින්, අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැළසුම් මේ වන විටත් සකස් කර අවසන් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මෙම නව ප්‍රතිසංස්කරණ හරහා මෙරට උසස් අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.

























