පසුගියදා සාර්ථකව අවසන් වූ 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉංදිකා කුමාරි ලියනගේ මිය ප්‍රකාශ කරයි. අගෝස්තු 10 වැනි දින ආරම්භ වී සැප්තැම්බර් 5 වැනි දිනෙන් නිමාවට පත් වූ මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 372,310 දෙනෙක් පෙනී සිටියහ.අදියර තුනක් යටතේ සිදු කෙරෙන මෙම පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය ලබන ඔක්තෝබර් 25 වැනි දිනට අවසන් කිරීමට නියමිතව තිබේ. මීට අමතරව, උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 වැනි දින ආරම්භ කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇත.විභාග කටයුතු අවසන් වීමත් සමඟම ඇගයීම් කටයුතු කඩිනමින් නිම කර, මේ වසර අවසන් වීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



























