2026 වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා එක්වන පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. බොහෝ පරීක්ෂකවරුන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජුනි 26 වන දා දක්වා දීර්ඝ කර තිබේ.අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පරීක්ෂකවරුන්ට https://onlineexams.gov.lk/eic යන නිල වෙබ් අඩවිය හරහා අදාළ ක්‍රියාවලිය සිදු කළ හැකි වේ. නියමිත දිනට පෙර මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.අයදුම් කිරීමේදී යම් තාක්ෂණික ගැටලුවක් පැන නගින්නේ නම්, ඒ සඳහා සහාය ලබා ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ මාර්ගගත අංශය (011-3661122 / 011-3671568) හෝ පාසල් විභාග ඇගයීම් අංශය (011-2785231 / 011-2785681) යන දුරකථන අංක වෙත ඇමතීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව දන්වා සිටී.



























