උස්බෙකිස්තානයේ ‘Centrum Air’ ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

උස්බෙකිස්තානයේ ‘Centrum Air’ ගුවන් සමාගම එළඹෙන ඔක්තෝබර් 28 වැනිදා සිට ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් සේවාවන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එම ගුවන් වාර ටෂ්කන්ට් (Tashkent) නගරයේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) දක්වා ක්‍රියාත්මක වනු ඇත.​මෙම නව සේවාවත් සමඟ ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර සංචාරක කර්මාන්තයේ වර්ධනයට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනයට ද නව මගක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,391

Leave A Reply

Your email address will not be published. Required fields are marked *