එල් නිනෝ බලපෑමෙන් මතුවන කාලගුණික අභියෝගයට මුහුණ දීමට අංශ 20ක ඒකාබද්ධ සූදානමක්

ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය ශ්‍රී ලංකාවේ කාලගුණ රටාවට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි. පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතව දැනටමත් වර්ධනය වී ඇති මෙම තත්ත්වය ඉදිරි මාස 11ක පමණ කාලයක් පුරා විවිධ මට්ටම්වලින් පැවතිය හැකි බව නිරීක්ෂණය කර තිබේ. විශේෂයෙන්ම ඉදිරියේදී අපේක්ෂා කරන නිරිතදිග මෝසම් වැසි කෙරෙහි මෙයින් සෘජු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතී.​මේ හේතුවෙන් ඇතිවිය හැකි වියළි කාලගුණය සහ ජල හිඟය ඇතුළු පාරිසරික අභියෝගයන්ට පූර්ව සූදානමක් ලෙස අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකාර්මික හා ජල කළමනාකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.​රාජ්‍ය ආයතන හා ප්‍රධාන ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණය, කෘෂිකර්මාන්තය, ගොවිජන සංවර්ධනය සහ ජල සැපයුම් යන අංශවල නිලධාරීන් මෙම විශේෂිත සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතව සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *