ඕමන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු පස් දෙනෙක් පොලිස් අත්අඩංගුවට

ඕමන්ත, නාවට්කුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ජීවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සිව්දෙනෙකු ඕමන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් ඊයේ දිනයේදී විශේෂ සෙවීම් මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී ඝාතනය සිදුකළ පුද්ගලයා සමග ඊට සම්බන්ධ වූ සැකකාරියන් දෙදෙනෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවී තිබේ.​අත්අඩංගුවට පත් වූ පිරිස වයස අවුරුදු 17, 20, 23 සහ 27 යන වයස් කාණ්ඩවල පසුවන පිරිසක් බව පොලිසිය අනාවරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් අපරාධය සිදුවීමට හේතුව සෙවීම සඳහා ඕමන්ත පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු දීර්ඝ වශයෙන් සිදුකරගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,178

Leave A Reply

Your email address will not be published. Required fields are marked *