මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ඉදිකළ කරුම්පුලියාන් ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (24) ජනතා අයිතියට පත් කෙරිණි. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමරු ඵලකය නිරාවරණය කරමින් මෙම ව්‍යාපෘතිය විවෘත කරනු ලැබීය.ලෝක බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 2,500ක මූල්‍ය ප්‍රතිපාදන මත මෙය ඉදිකර ඇත. මේ හරහා තුනුක්කායි සහ මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන පුද්ගලයන් 23,600කට පමණ පිරිසිදු පානීය ජලය සෘජුවම ලැබේ. අපිරිසිදු ජලය හේතුවෙන් වකුගඩු රෝගීන් 320ක් පමණ වාර්තා වී ඇති එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ව්‍යාපෘතිය විශාල පිටිවහලක් වනු ඇත.මෙම සමාරම්භක අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්වතම්බි තිලකනාදන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දම් උමාමහේෂ්වරන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ගොවි සංවිධාන සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.



























