කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කතානායකට බාර දෙයි

කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාව විපක්ෂ නායකවරයා විසින් කතානායකවරයා වෙත බාර දී තිබේ.​ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීමටත්, ඊට අදාළ සියලු පාර්ශ්වයන් සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්දැයි සොයා බැලීමටත් විපක්ෂය විසින් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද අදාළ යෝජනාවලිය අද (23) කතානායකවරයා වෙත බාර දෙන ලදී.​මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙය දේශපාලනයෙන් තොර කරුණක් බවත්, කාවන්තිස්ස ඇතාට යුක්තිය ඉෂ්ට කිරීමට මෙන්ම දැනට ජීවත්ව සිටින ඇත් පරපුර ආරක්ෂා කර ගැනීමට ද වහා පියවර ගත යුතු බවත්ය.​එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙන්, මෙම තේරීම් කාරක සභාව ද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සම සභාපතිත්වයෙන් යුතුව පක්ෂ භේදයකින් තොරව ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,392

Leave A Reply

Your email address will not be published. Required fields are marked *