දෙරට අතර පැවති වෙළෙඳ සාකච්ඡා හදිසියේ අසාර්ථක වීමත් සමඟ, කැනඩාවෙන් ආනයනය කෙරෙන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50 ක දැඩි තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. වෙළෙඳ කටයුතුවලදී කැනඩාව අතිශයින් අසාධාරණ ලෙස හැසිරෙන බවට චෝදනා කර ඇති ඔහු, අමෙරිකාවට කැනඩාවේ අවශ්‍යතාවක් නොමැති නමුත් කැනඩාවට අමෙරිකාව අත්‍යවශ්‍ය බව ද අවධාරණය කර ඇත.මෙම නව බදු පැනවීමේ තීරණය ඉදිරි වසරේ එනම් 2027 ජනවාරි මස 1 වැනි දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, අදාළ භාණ්ඩ අමෙරිකානු දේශසීමාව තුළම නිෂ්පාදනය කරනු ලබන්නේ නම් ඒවා සඳහා කිසිදු ආකාරයක තීරුබද්දක් අය නොකරන බවට ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.



























