ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය විසින් මෙම මස 13 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ විශේෂ වැඩසටහනක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. හිඟ ජල බිල්පත් අයකර ගැනීම ඉලක්ක කරගනිමින්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, මහරගම සහ කෝට්ටේ කලාප කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන දියත් කිරීමට නියමිතව තිබුණි.කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබූ සියලු දැනුම්දීම් සහ නිවේදන තවදුරටත් වලංගු නොවන බව මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඒ අනුව, එම කාලසීමාව තුළ අදාළ ප්‍රදේශවල ජල සැපයුම විසන්ධි කිරීමක් සිදු නොවන බව පාරිභෝගිකයින්ට දැනුම් දෙනු ලැබේ.මෙම තීරණය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අපහසුතා පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි. ඉදිරියේදී ජල බිල්පත් සම්බන්ධයෙන් පවතින ගැටළු හෝ තොරතුරු සඳහා මණ්ඩලයේ නිල නාලිකා ඔස්සේ යාවත්කාලීන තොරතුරු ලබාගන්නා ලෙස ද බලධාරීන් ඉල්ලා සිටී.























