ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව මෙරට උද්ධමන අනුපාතයේ ඉහළ යාමක් සටහන්ව තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී 8.0%ක් ලෙස පැවැති උද්ධමනය 8.3% දක්වා වර්ධනය වී ඇත.මෙම කාලසීමාව තුළ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් ඇති අතර, එය 8.8%ක මට්ටමක පවතින බව අදාළ දත්ත වාර්තා පෙන්වා දෙයි.මීට අමතරව ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 8% දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



























