කොළඹ Ne-yo සංගීත ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් කලාකරුවාගේ පාර්ශ්වය චෝදනා ප්‍රතික්ෂේප කරයි

කොළඹදී පැවැත්වීමට නියමිතව තිබී පසුව අවලංගු වූ ජනප්‍රිය ගායක නී-යෝගේ (Ne-Yo) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ප්‍රවර්ධකයන් විසින් එල්ල කරන ලද චෝදනා සහ නඩු පැවරීම් ඔහුගේ පාර්ශ්වය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ප්‍රසංගය වෙනුවෙන් තමන් විශාල මුදලක් ගෙවූ නමුත් කිසිදු සේවයක් නොලැබුණු බවට අදාළ ප්‍රවර්ධන සමාගම නඟන දෝෂාරෝපණ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව නොමඟ යවන සුළු ඒවා බව නී-යෝගේ නියෝජිතයෝ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.​ගිවිසුම්ගත කොන්දේසි අනුව ප්‍රසංගයට පෙර අදාළ ගෙවීම් සහ ගමන් වියදම් සම්පූර්ණයෙන් පියවීම ප්‍රවර්ධකයාගේ වගකීම වුවද, නැවත නැවතත් අවස්ථා ලබා දී තිබියදීත් ඔවුන් එම මූල්‍යමය වගකීම් පැහැර හැර ඇති බව නී-යෝගේ පාර්ශ්වය පෙන්වා දෙයි. ප්‍රවර්ධකයාට පවතින මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා ප්‍රසංගයෙන් ඉවත් වීමට කලාකරුවාට සිදු වූ බව ඔවුන් සඳහන් කළ ද, අදාළ සමාගම කියා සිටින්නේ තමන් දැනටමත් ඇමරිකානු ඩොලර් 284,000කට අධික මුදලක් ගෙවා ඇති බැවින්, සිදු වූ පාඩුව වෙනුවෙන් එම මුදල් සහ අලාභහානි අය කර ගැනීමට නඩු පවරා ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *