ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික පෙරහැර මංගල්‍යය ව වීථි සංචාරය කළ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.පෙරහැර ආරම්භයට ප්‍රථම සදාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වූ ඒ මහතා, ආගමික වතාවත්වල නිරත වෙමින් ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව, එම අවස්ථාවට එක්ව සිටි ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් මුණගැසී ඔවුන්ගේ සත්ප්‍රසාදය විමසමින් සුහද කතාබහක ද නිරත විය.


























